Sunday, June 19, 2011

දෑත කරගැට හිඳියි තනියට.........

දෑත කරගැට හිඳියි තනියට
දහඩියද දෙයි සිසිල මා හට
මෙවන් නිමැවුම් කරන්නට මට
දෑත ලැබුණේ පෙරම පිනකට

නිමකරමි තව පසුව දිනකට
අසල ඇත බෝ සමිඳු පියගැට
කුසල් ඇත්තන් ලඟින් යන විට
එයම වේ ලැබෙනා සතුට මට
ඡායාරූපය : අසංක ආසිරි
අදහස : අසංක ආසිරි
2011.06.19

Monday, June 13, 2011

පුංචි වුණත් මට පුළුවන්............


සිනා සපිරි වත කමලයි
සු‍දෝ සුදට සුදු ගවුමයි
දි‍යෙන් පිරුණු පුන් කලසයි
දසුන සැමට කිරි උතුරයි

‍ගෙදර සියළු වැඩ කරලා
අලස ‍නොවී අකුරු කළා
එමගින් උග‍‍තෙකු වීලා
හැකිය ඉන්ට සිනා ‍වෙලා
                        ඡායාරූපය : unknown
අදහස : සී.වනිග‍සේකර
2011.06.13

Thursday, June 02, 2011

                                                             
 ගිමන නිවුනට අදත්
තොටුපළට ආ නමුත්
එදා සිටි සකි සඳම
නොව් අද සිටින්නේ...........
වෙනුවටයි වෙනත් අය
මෙහි ගිමන් නිවනුයේ
ඒ වුණත් මම දනිමි
ඔබ තමයි සුමිතුරා
අඬ ගසයි සිපගන්න
ඔබේ තුටු රැළි ගසා.........
ඔබේ ඒ රැළි වලින්
වැළඳගනු පිය මිතුර
හෙට උදෙත් නැවත එමි
නිතර කරදර නොකර........   

                                                                                        ඡායාරූපය : unknown 
                                                                                 අදහස : අසංක ආසිරි කුලතුංග
                                                                                                   2011.06.02