Fotostory
Sunday, June 19, 2011
දෑත කරගැට හිඳියි තනියට.........
දෑත කරගැට හිඳියි තනියට
දහඩියද දෙයි සිසිල මා හට
මෙවන් නිමැවුම් කරන්නට මට
දෑත ලැබුණේ පෙරම පිනකට
නිමකරමි තව පසුව දිනකට
අසල ඇත බෝ සමිඳු පියගැට
කුසල් ඇත්තන් ලඟින් යන විට
එයම වේ ලැබෙනා සතුට මට
ඡායාරූපය : අසංක ආසිරි
අදහස : අසංක ආසිරි
2011.06.19
Monday, June 13, 2011
පුංචි වුණත් මට පුළුවන්............
සිනා සපිරි වත කමලයි
සුදෝ සුදට සුදු ගවුමයි
දියෙන් පිරුණු පුන් කලසයි
දසුන සැමට කිරි උතුරයි
ගෙදර සියළු වැඩ කරලා
අලස නොවී අකුරු කළා
එමගින් උගතෙකු වීලා
හැකිය ඉන්ට සිනා වෙලා
ඡායාරූපය : unknown
අදහස : සී.වනිගසේකර
2011.06.13
Thursday, June 02, 2011
ගිමන නිවුනට අදත්
තොටුපළට ආ නමුත්
එදා සිටි සකි සඳම
නොව් අද සිටින්නේ...........
වෙනුවටයි වෙනත් අය
මෙහි ගිමන් නිවනුයේ
ඒ වුණත් මම දනිමි
ඔබ තමයි සුමිතුරා
අඬ ගසයි සිපගන්න
ඔබේ තුටු රැළි ගසා.........
ඔබේ ඒ රැළි වලින්
වැළඳගනු පිය මිතුර
හෙට උදෙත් නැවත එමි
නිතර කරදර නොකර........
ඡායාරූපය : unknown
අදහස : අසංක ආසිරි කුලතුංග
2011.06.02
Sunday, May 29, 2011
ඉතිං මිනිසුනේ,
කඩිසරකමටම උපන් අප
මනුසත්කම නොලැබුවේ
පෙර පිනකටද මන්දා..
මොකද අද හැමතැනම
වංචාව දූෂණය
අප අතරේ එහෙම නෑ
අප අතරේ එහෙම නෑ...
එක පෙළට - ඉදිරියට
විටෙක සමහර ඔබට
කරදරයක්ද මන්දා
සමාවෙනු මැන ඉතිං
නොදැන එය කර හින්දා
ඡායාරූපය : අසංක ආසිරි
අදහස :
අසංක ආසිරි
2011.05.27
W
E
L
C
O
M
E
ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මේ blog එකට.මේකේ තියෙන්නේ එක එක අය තමන් දැකපු ලස්සන ලස්සන photos ගැන එයාලගේ අදහස්.මේකේ ගොඩක්ම තියෙන්නේ සිංහලෙන් ඔයා ගාව සිංහල නැත්නම් පහළ තියෙන
web site එකට ගිහින් සිංහල බාගත කර ගන්න. U dn't hv sinhala unicode go to this site.
http://www.locallanguages.lk/sinhala_how_to_install_in_english.html
ඉතිං ඔයා මේකේ තියෙන අලුත් සිහින දැක්කනම් පොඩි cmntz එකක් දාලා යන්න අමතක කරන්න එපා.ඒ වගේම තමයි ඔයාලා දැකපු ලස්සන පින්තූරත් තියෙනවනම් ඔයාගේ අදහසුත් එක්කම පහළ තියෙන e-mail ලිපිනයට එවන්න.
sartforum@gmail.com
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)