Sunday, June 19, 2011

දෑත කරගැට හිඳියි තනියට.........

දෑත කරගැට හිඳියි තනියට
දහඩියද දෙයි සිසිල මා හට
මෙවන් නිමැවුම් කරන්නට මට
දෑත ලැබුණේ පෙරම පිනකට

නිමකරමි තව පසුව දිනකට
අසල ඇත බෝ සමිඳු පියගැට
කුසල් ඇත්තන් ලඟින් යන විට
එයම වේ ලැබෙනා සතුට මට
ඡායාරූපය : අසංක ආසිරි
අදහස : අසංක ආසිරි
2011.06.19

6 comments:

  1. බොහෝ රැවි ආමි මෙතනට

    යලිත් ඇවිදින් ලියමි මම හෙට

    ReplyDelete
  2. හරි ලස්සන අදහසක්..
    මාත් ගොඩ උනා බලලා යන්න.
    ජය!!

    ReplyDelete
  3. බලා එය නෙත් පහස ලැබුවයි
    සිතට අපමණ සතුට දැනුනයි
    දිරිය වඩවා ලෙසින් මෙහෙමයි
    තවත් කරනට සමිඳු පිහිටයි

    ReplyDelete
  4. @බින්දි
    මාස දින සති ගණන් ගෙවිලා
    බින්දි තවමත් නැහැ ඇවිල්ලා

    ReplyDelete
  5. @ගිම්හානි
    ගිම්හාන කාලයට ලියන කවි අනන්තයි
    ගිම්හානි සොයුරියත් කවි වලට සුභ පතයි

    ReplyDelete
  6. @නෙතුපිය
    නෙතුපිය අගින් එන කදුලක සතුටු අගේ
    සීතල දුරුව උණුසුමකුත් දැනුන වගේ
    තුති පුද කරමි කියෙව්වාට කවිය මගේ
    පීනමි මමත් නෙතුපියගේ සතුටු ග‍‍‍ගේ

    ReplyDelete