ගිමන නිවුනට අදත්
තොටුපළට ආ නමුත්
එදා සිටි සකි සඳම
නොව් අද සිටින්නේ...........
වෙනුවටයි වෙනත් අය
මෙහි ගිමන් නිවනුයේ
ඒ වුණත් මම දනිමි
ඔබ තමයි සුමිතුරා
අඬ ගසයි සිපගන්න
ඔබේ තුටු රැළි ගසා.........
ඔබේ ඒ රැළි වලින්
වැළඳගනු පිය මිතුර
හෙට උදෙත් නැවත එමි
නිතර කරදර නොකර........
ඡායාරූපය : unknown
අදහස : අසංක ආසිරි කුලතුංග
2011.06.02
කවියට ආදරේ හින්දා මම බොහොම .
ReplyDeleteනොකියා මුකුත් ආපහු යන්නේ කොහොම
පින්තුරත් අගෙයි ලියු කවි මලුත් හොඳයි
තව තව ලියන් කියවනු ඇත අලුත් ළමයි
blog ගස නැමැති මේ සුවිසල් මහ රුකෙහි
ReplyDeleteමාගේ බ්ලොගය තවමත් එහි පොඩි මලකි
ඒ මල ,ගස පවතින්ට ඕනේ ජල පහර
ජලය පමණක් නොවේ ඔබ දැම්මා පොහොර
Word Verification අයින් කලානම් කොමෙන්ට් දාන්න ලේසියි
ReplyDeleteලස්සන අර්ථවත් පද පෙළක්. මට ගීතයක කොටසක් මතක් උනා.
ReplyDelete'යාළුවො අද නැත වෙන අය එහි ඇත
කාලය මැවු වෙනසක අරුමේ...'
ඕං ඉතිං All in one කියලම word verfication අයින් කොළා
ReplyDeleteසොරි හොදේ මම දන්නේ නෑනේ එහෙම කරලා කියලා
දැන් දාමු බලන්න අලුත් comment
ගිමන් නිවීමට සිතුවිලි රස කැන්දා
ReplyDeleteකල ආරාධනය මා පිලිගත් හින්දා
නොමරා සිහින කවි සිත් වඩවන හන්දා
නොවැරදි බලමි නෙතුපිය රන්දා
@සජීවනි
ReplyDeleteසජීවනි ඔබ ගොතනා කවි පදෙහි
විදින්නට හැකිය එහි ඇත හොද රසෙහි
තුති පුද කරමි බැලුවට මෙහි ඇති කවෙහි
විදිනා බව පෙනේ මෙය රැය මුළුල්ලෙහි
(June 12, 2011 12:51 AM-උදේ පාන්දර)
@සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත
ස්තූතියි මිත්රයා ඔයාගේ හිතේ සිංදුවක් මතකෙට නගන්න මේ නිසදැසට පුළුවන් වීම ගැන සතුටු වෙනවා
අලුතින් මොකුත් ලියලාදැයි යන සැකට
ReplyDeleteආවා යන්න කඩි මුඩියේ මේ අහට
ඉතින් මා සුමිතුර ... ඔබට දිගු ගමනකට ආSIRI පතමි හද පත්ලෙන්ම ... :D
ReplyDelete