Thursday, June 02, 2011

                                                             
 ගිමන නිවුනට අදත්
තොටුපළට ආ නමුත්
එදා සිටි සකි සඳම
නොව් අද සිටින්නේ...........
වෙනුවටයි වෙනත් අය
මෙහි ගිමන් නිවනුයේ
ඒ වුණත් මම දනිමි
ඔබ තමයි සුමිතුරා
අඬ ගසයි සිපගන්න
ඔබේ තුටු රැළි ගසා.........
ඔබේ ඒ රැළි වලින්
වැළඳගනු පිය මිතුර
හෙට උදෙත් නැවත එමි
නිතර කරදර නොකර........   

                                                                                        ඡායාරූපය : unknown 
                                                                                 අදහස : අසංක ආසිරි කුලතුංග
                                                                                                   2011.06.02




9 comments:

  1. කවියට ආදරේ හින්දා මම බොහොම .
    නොකියා මුකුත් ආපහු යන්නේ කොහොම
    පින්තුරත් අගෙයි ලියු කවි මලුත් හොඳයි
    තව තව ලියන් කියවනු ඇත අලුත් ළමයි

    ReplyDelete
  2. blog ගස නැමැති මේ සුවිසල් මහ රුකෙහි
    මාගේ බ්ලොගය තවමත් එහි පොඩි මලකි

    ඒ මල ,ගස පවතින්ට ඕනේ ජල පහර
    ජලය පමණක් නොවේ ඔබ දැම්මා පොහොර

    ReplyDelete
  3. Word Verification අයින් කලානම් කොමෙන්ට් දාන්න ලේසියි

    ReplyDelete
  4. ලස්සන අර්ථවත් පද පෙළක්. මට ගීතයක කොටසක් මතක් උනා.
    'යාළුවො අද නැත වෙන අය එහි ඇත
    කාලය මැවු වෙනසක අරුමේ...'

    ReplyDelete
  5. ඕං ඉතිං All in one කියලම word verfication අයින් කොළා
    සොරි හොදේ මම දන්නේ නෑනේ එහෙම කරලා කියලා
    දැන් දාමු බලන්න අලුත් comment

    ReplyDelete
  6. ගිමන් නිවීමට සිතුවිලි රස කැන්දා
    කල ආරාධනය මා පිලිගත් හින්දා
    නොමරා සිහින කවි සිත් වඩවන හන්දා
    නොවැරදි බලමි නෙතුපිය රන්දා

    ReplyDelete
  7. @සජීවනි
    සජීවනි ඔබ ගොතනා කවි පදෙහි
    විදින්නට හැකිය එහි ඇත හොද රසෙහි
    තුති පුද කරමි බැලුවට මෙහි ඇති කවෙහි
    විදිනා බව පෙනේ මෙය රැය මුළුල්ලෙහි
    (June 12, 2011 12:51 AM-උදේ පාන්දර)

    @සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත
    ස්තූතියි මිත්‍රයා ඔයාගේ හිතේ සිංදුවක් මතකෙට නගන්න මේ නිසදැසට පුළුවන් වීම ගැන සතුටු වෙනවා

    ReplyDelete
  8. අලුතින් මොකුත් ලියලාදැයි යන සැකට

    ආවා යන්න කඩි මුඩියේ මේ අහට

    ReplyDelete
  9. ඉතින් මා සුමිතුර ... ඔබට දිගු ගමනකට ආSIRI පතමි හද පත්ලෙන්ම ... :D

    ReplyDelete